[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ දිනයේදී පැවැත්විණි. කොළඹ ක්රීඩා සමාජ ක්රීඩාංගණයේදී හා පී සරා ඕවල් ක්රීඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව තරග හතර පැවැත්වුණි.
එම තරගවලින් ජයග්රහණය කළ කොළඹ ක්රීඩා සමාජය , SSC ක්රීඩා සමාජය , යුධහමුදා ක්රීඩා සමාජය හා කුරුණෑගල යූත් ක්රීඩා සමාජය අවසන් පූර්ව වටය කරා සුදුසුකම් ලැබීය.
CCC හා රාගම ක්රීඩා සමාජය අතර තරඟය
කොළඹ පී සරා ඕවල් ක්රීඩාංගණයේදී අද උදෑසන පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාගම ක්රීඩා සමාජ කණ්ඩායමේ නායක ඉෂාන් ජයරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව කොළඹ ක්රීඩා සමාජය නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 150ක් රැස්කළහ. ලසිත් අබේරත්න පන්දු 38කදී හතරේ හා හයේ පහර තුන බැගින් එල්ල කරමින් ලකුණු 54ක් රැස්කිරීමට සමත් විය.
ඉලක්කය හබායාමට පිටියට පිවිසි රාගම ක්රීඩා සමාජයට පන්දුවාර 17ක් තුළදී සියලු ක්රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි. පන්දු යැවීමේදී CCC ක්රීඩක මලින්ද පුෂ්පකුමාර සිය පන්දුවාර 4 තුළදී ලකුණු 20කට කඩුලු 4ක් බිදහෙලීය. ඒ අනුව පළමු අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු 57කින් ජයග්රහණය කිරීමට කොළඹ ක්රීඩා සමාජයට හැකිවිය.
CCC ඉනීම : 150-5 (20.0)
ලසිත් අබේරත්න 54(38), අශාන් ප්රියන්ජන් 41(33)
අමිල අපොන්සු 2/16, බිනුර ප්රනාන්දු 2/29
Ragama CC ඉනීම : 93-10 (17.0)
ජනිත් ලියනගේ 29(22), නිෂාන් මදුෂ්ක 24(28)
මලින්ද පුෂ්පකුමාර 4/20, නුවන් තුෂාර 2/15, අෂාන් ප්රියන්ජන් 2/16
CCC ක්රීඩා සමාජයට ලකුණු 57ක ජයක්.
Colts ක්රිඩා සමාජය හා SSC ක්රීඩා සමාජය අතර තරඟය
කොළඹ ක්රීඩා සමාජ ක්රීඩාංගණයේදී අද උදෑසන පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් එස්.එස්.සී නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. එම තීරණයට උපරිම සාදාරණයක් ඉටුකරමින් කෝල්ට්ස් ඉනීම ලකුණු 117කට සීමා කරන්නට ප්රභාත් ජයසූරිය ප්රමුඛ SSC පන්දු යවන්නන් විය. Colts ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ සංගීත් කුරේ ලකුණු 26ක් රැස්කරද්දී SSC ක්රීඩක ප්රභාත් ජයසූරිය පන්දුවාර 4 තුළදී ලකුණු 16කට කඩුලු 4ක් බිදහෙලීය.
SSC කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමිනි. SSC යොවුන් ක්රීඩක නුවනිදු ප්රනාන්දු පන්දු 43කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් ලකුණු 41ක් රැස්කරමින් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියේය.
Colts CC ඉනීම : 117-10 (19.4)
සංගීත් කුරේ 26(29), කවිෂ්ක අන්ජුල 25(15)
ප්රභාත් ජයසූරිය 4/16, කලණ පෙරේරා 2/1
SSC ඉනීම : 118-4 (17.2)
නුවනිදු ප්රනාන්දු 41(43), ක්රිෂාන් සංජුල 18(18)
සංගීත් කුරේ 2/18, නලින් ප්රියදර්ශන 1/35
SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
යුධ හමුදා ක්රීඩා සමාජය හා මීගමුව ක්රීඩා සමාජය අතර තරඟය
කොළඹ ක්රීඩා සමාජ ක්රීඩාංගණයේදී අද පස්වරුවේ පැවති මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් යුධහමුදා කණ්ඩායමේ නායක දුෂාන් විමුක්ති පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කිරීමට ඔවුන් සමත් විය.
තුලින දිල්ෂාන් පන්දු 43කදී ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසි මීගමුව ක්රීඩා සමාජයට නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි.
නායක දිල්ෂාන් මුණවීර හා මාධව වර්ණපුර අර්ධශතක රැස්කළද අනිකුත් පිතිකරුවන්ගේ සහයක් නොලද බැවින් ලකුණු 6කින් පරාජයට පත්වන්නට මීගමුව ක්රීඩකයන්ට සිදුවිය. විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 38කට කඩුලු 5ක් බිදහෙලීය.
SLArmy SC ඉනීම : 164-5 (20.0)
තුලින දිල්ෂාන් 39(43), හිමාෂ ලියනගේ* 33(20)
දිල්ෂාන් මුණවීර 2/20, රොස්කෝ තට්ටිල් 2/34
Negombo CC ඉනීම : 158-9 (20.0)
ඩිල්ෂාන් මුනවීර 59(44), මාධව වර්ණපුර 55(42)
හේෂාන් හෙට්ටිආරච්චි 5/38, සීකුගේ ප්රසන්න 2/23
යුධහමුදා ක්රීඩා සමාජයට ලකුණු 6ක ජයක්.
NCC ක්රීඩා සමාජය හා කුරුණෑගල යූත් ක්රීඩා සමාජය අතර තරඟය
කොළඹ පී සරා ඕවල් ක්රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ කුරුණෑගල යූත් ක්රීඩා සමාජය පළමුව පන්දුවට පහර දුනි. නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 155ක් රැස්කිරීමට ඔවුනට හැකිවිය.
ආරම්භක පිතිකරු ගයාන් මනීෂ පන්දු 48කදී ලකුණු 56ක් රැස්කළ අතර නායක සමීර සදමාල් පන්දු 30කදී ලකුණු 48ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී NCC කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර පන්දුවාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 4ක් බිදහෙලීය.
ඉලක්කය හබායාමට පිටියට පිවිසි NCC කණ්ඩායමේ සියලු ක්රීඩකයන් ලකුණු 92කදී දවාගැනීමට කුරුණෑගල යූත් ක්රීඩකයන් සමත් විය. කුරුණෑගල යූත් ක්රීඩා සමාජය වෙනුවෙන් නවීන් ගුණවර්ධන ලකුණු 14කට කඩුලු 3ක්ද රන්දීර රණසිංහ ලකුණු 7කට කඩුලු 2ක්ද බිදහෙලමින් අවසන් පූර්ව වටය කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත් විය.
Kurunegala YCC ඉනීම : 155-5 (20.0)
ගයාන් මනීෂ 56(48), සමීර සදමාල් 48(30)
ලහිරු කුමාර 4/17, සහන් ආරච්චිගේ 1/23
NCC ඉනීම : 92-10 (14.4)
ඇන්ජිලෝ පෙරේරා 27(18), හසිත බෝයාගොඩ 21(19)
නවීන් ගුණවර්ධන 3/14, රංදීර රණසිංහ 2/7, රුවින් පීරිස් 2/20
කුරුණෑගල යූත් ක්රීඩා සමාජයට ලකුණු 63ක ජයක්
Cree-da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]