නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වාට 20 යි 20 තරගාවලිය අහිමි වෙයි.

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් යුත් 20 යි 20 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සහ තුන් ඉරියව් ක්‍රීඩන ධනංජයද සිල්වාට අහිමිව යනවා. ඒ ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ලක්ව තිබීම හේතුවෙන්.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඔහුන් දෙදෙනාම ආබාධයන්ට ලක් වුණා. තරගයේදි පන්දු වාර 4 යි පන්දු 3 ක් යවි සීටියදි නුවන් ප්‍රදීප් ආබාධය ලක්වූ අතර ධනංජය ආබාධයට ලක් වුණේ පන්දු රකිමින් සිටියදී. ඔවුන් දෙදෙනා වෙනුවට 20 යි 20 තරගාවලිය සදහා කණ්ඩායමට කැදවා තිබෙන්නේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පමණයි. අසිත 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක් එක්දින තරගයක් ක්‍රීඩා කළ අතර එහිදී පන්දු වාර 3 ක් යවා තිබෙනවා. අනතුරුව ඔහුට එක්දින , ටෙස්ට් , සහ 20 යි 20 යන කිසිදු අංශයකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වුණේ නැහැ. ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20 යි 20 තරගය ලබන 4 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top