යුධ හමුදාව 2019 වසරේ විශිෂ්ඨතම බොක්සිං කණ්ඩායම ලෙස සම්මාන ලබයි

[vc_row][vc_column][vc_column_text]94 වැනි ජාතික බොක්සිං ශුරතාවලිය පසුගියදා නිමාවට පත් වුණේ කොළඹ රාජකීය විදුහල් බොක්සිං වළල්ලේදී. බර පන්ති 10 ක් යටතේ තරග පැවැති අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145 දෙනෙකු සහභාගී වී සිටියා.

තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ඒ ඒ රණසිංහ. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආඒ පුශ්පකුමාරි සම්මාන දිනා ගත්තා. තරගාවලියේ දක්ෂතව පරාජික ක්‍රීඩකයා වුණේ ගුවන් හමුදාවේ පී ජී මදුශාන්. පොලිස් ක්‍රීඩා සමාජයේ පී ඒ ආර් ප්‍රසන්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයායි.

94 වැනි ජාතික ශුරතා බොක්සිං තරගාවලියේ සමස්ත කාන්තා ශුරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජයටත්, සමස්ත පිරිමි ශුරතාව යුධ හමුදාවටත් හිමි වුණා. 2019 වසරේ පැවැති බොක්සිං තරගාවලීන්හිදී ඉහළ දක්ෂතා දැක්වූ යුධ හමුදා බොක්සිං කණ්ඩායම 2019 වසරේ විශිෂ්ඨතම බොක්සිං කණ්ඩායම ලෙසද සම්මාන දිනා ගත්තා.

තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ආදුනික ‌ෙබාක්සිං සමගමය විසින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top